Browsing: Featured

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු අංශයේ පළමු සහකාර ලේකම්වරිය ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම්වරයා හමුවිය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ ලැප්ටොප් පරිගණකයේ මුරපදය වෙනත් මාර්ගයකින් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකාරිනියක වන ස්මෘති මන්ධනා තමන් දැඩි ලෙස ප්‍රිය කරන වීදි ආහාරයක් පිළිබඳව අදහස් දක්වා තිබේ.

සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමික සිවරාසා අනෝජන්ව එම දඬුවමින් මුදා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් ඇගයීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන සැප්තැම්බර් 26 වනදා කිලිනොච්චියෙන් ආරම්භ වේ.

නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම වෙත නව සේවකයින් 35 දෙනෙකු බඳවා ගෙන තිබේ.

ඉතාලි පාසල් තුළ බුර්කා සහ නිකාබ් ඇඳුම් තහනම් කිරීමටත්, විදේශීය සිසුන්ගේ දෙමාපියන් සඳහා භාෂා පාඩම් අනිවාර්ය කිරීමටත් අගමැතිනි ජෝර්ජියා මෙලෝනි යෝජනා කරයි.

සෑම වසරකම සැප්තැම්බර් 23 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදට යෙදී තිබේ. ශ්‍රව්‍ය බාධිත පුද්ගලයින් වෙනුවෙන් අන්තර්කරණීය සමාජයක් ගොඩනැගීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරේ.