සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණික ක්‍රියාවලියක් වෙනුවෙන් සකස් කරන ලද 2026–2028 ජාතික සැලැස්ම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී නිල වශයෙන් එළිදක්වා ඇත. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යාංශ නියෝජිතයින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්, සිවිල් සංවිධාන සහ විදේශගත ශ්‍රමිකයින්ගේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී, අදාළ සැලැස්මේ පළමු පිටපත අමාත්‍යවරයා වෙත පිළිගැන්විණි. මීට අමතරව, ජාතික සැලැස්ම සාර්ථකව ඉදිරියට ගෙන යාම පිළිබඳව විශේෂ සංවාද මණ්ඩපයක් ද පැවැත්වුණි.
ශ්‍රී ලංකාව 2025 වසරේදී ‘GCM’ පෙරමුණුගත් රටක් (Champion Country) ලෙස නම් කරනු ලැබුවේ වගකීම්සහගත සංක්‍රමණික කළමනාකරණය වෙනුවෙන් දක්වන කැපවීම ඇගයීමට ලක් කරමිනි. 2022 ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ සංක්‍රමණික ප්රවණතා සහ ගෝලීය වෙනස්කම්වලට ගැළපෙන පරිදි මෙම නව සැලැස්ම සකස් කර ඇත.
මෙම සැලැස්ම මගින් විදේශගත ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය සුරැකීම, ගෝලීය වෙළඳපොළට ගැළපෙන කුසලතා පූර්ණ ශ්‍රමිකයන් බිහිකිරීම සහ විදේශ ප්‍රේෂණ හරහා ජාතික සංවර්ධනය ශක්තිමත් කිරීම කෙරෙහි ප්‍රමුඛතාව ලබා දී තිබේ.
අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ, මෙම වැඩපිළිවෙලෙහි ප්‍රධාන අවධානය යොමු වන්නේ ජනතාවගේ සුරක්ෂිතභාවය කෙරෙහි බවයි. මෙය හුදෙක් සැලැස්මක් එළිදැක්වීමක් පමණක් නොව, එය ක්‍රියාත්මක කිරීමේ ආරම්භය බවත්, ජනතාවගේ ජීවිතවලට සිදුවන යහපත් වෙනස මත එහි සාර්ථකත්වය රඳා පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර