ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් ගමන් පාලන පද්ධතියට අත්‍යවශ්‍ය කේබලයක් ඉදිකිරීම් කටයුත්තකදී අත්වැරදීමකින් කැපී යාම නිසා නිව් යෝර්ක්, පෙන්සිල්වේනියා, නිව් ජර්සි සහ මැසචුසෙට්ස් යන ප්‍රාන්තවල ගුවන් තොටුපළ රැසක මෙහෙයුම් බරපතළ ලෙස අඩපණ වී ඇත.
මෙම සිදුවීමත් සමඟ ගුවන් යානා ගුවන්ගත කිරීම සහ ගොඩබෑමේදී මගපෙන්වන ‘ට්රැකොන්’ (TRACON) පද්ධතියට බාධා එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් ගුවන් ගමන් සිය ගණනක් ප්‍රමාද වීමට හෝ අවලංගු කිරීමට සිදුවිය.
ඇමරිකානු ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆී මහතා සඳහන් කළේ, පැය කිහිපයකට පසු අදාළ කේබලය අලුත්වැඩියා කිරීමට පියවර ගත් බවත්, මේ වන විට ගුවන් තොටුපළ මෙහෙයුම් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත්ය. කෙසේ වෙතත්, තවදුරටත් ගුවන් ගමන් ප්‍රමාදයන් සිදුවිය හැකි බව බලධාරීහු අනතුරු අඟවති.
මෙම බාධාව සිදුවූයේ නිව් යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ලොව පුරා රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් පැමිණෙමින් සිටින තීරණාත්මක කාලවකවානුවක වීම විශේෂත්වයකි.
සිද්ධියට වගකිවයුතු පාර්ශ්වය සම්බන්ධයෙන් විවිධ මත පළවී ඇති අතර, මුලදී ඉදිකිරීම් කම්කරුවන්ගේ වරදක් ලෙස ප්‍රකාශ වුවද, අදාළ ආයතන ඒ සම්බන්ධයෙන් වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ගුවන් ගමන් ප්‍රමාද වීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවට පත්වූ අතර, ඇතැම් ගුවන් යානා වෙනත් ගුවන් තොටුපළ වෙත හරවා යැවීමටද සිදුවිය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර