Author: Editor

ඊයේ (02) මහියංගනය පොලිස් වසමේ රන්දොලියගල ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහියංගනය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. එහිදී කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අවුරුදු‍ 20,27,28 හා 29 වයස්වල පසුවනතෙල්දෙනිය, රජවැල්ල හා මිනිපේ ප්‍රදේශවල පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read More

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් හේතුවෙන් අද (03) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබෙනවා. ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස,දෙහිවල,වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලටයි මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත්තේ. ඊට අමතරව බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වය යටතේ ජලය සැපයීම සිදුවෙනවා. කෙසේ නමුත් හදිසි බිදවැටීම යථාවත්කර අද (03) මධ්‍යම රාත්‍රියට පෙර ජල සැපයුම ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අපේක්ෂා කරනවා.

Read More

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අද (3) දහවල් 11 සිට සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ‘The Light and the Lotus: Relics of the Awakened One’ ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශනය දිල්ලිහි රායි පිතෝරා සංස්කෘතික සංකීර්ණයේදී ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.‍ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව දැනුම්දීමටයි කටයුතු කළේ. ෙකපිලවස්තුපුර පිප්‍රාවා ප්‍රදේශයෙන් සොයාගෙන නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ සහ කොල්කටාහි ඉන්දීය කෞතුකාගාරයේ සංරක්ෂණය කෙරෙන ධාතූන් වහන්සේ මෙහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. පසුගියදා වෙන්දේසියකින් නිදහස් කරගත් මිල කළ නොහැකි මුතු – මැණික් එකතුවක් ද මේ අතරට අයත්. මෙම මුතු මැණික් එකතුව මෙලෙස ඉන්දියාවේදී ප්‍රදර්ශනයට එක්කෙරෙන්නේ වසර 127කින් පසුවයි.

Read More

පාරිසරික නීතිය දැඩි ලෙස උල්ළංඝණය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් පසුගිය දිනවල අධිකරණ ක්‍රියාමාර්ග ගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ් යු වුට්ලර් පැවසුවේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් පැමිණිලි රැසක්ද ලැබී ඇති බවය. ඒ අනුව ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණපා සිටින පාරිසරික ගැටළුවලට විසදුම් ලබාදීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයිද ඔහු පවසන ලදි.

Read More

පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු ඊයේ (02) රැස් වුණා. මෙම පළමු පරිසර සභාවේ ආරාධිතයන් ලෙස පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අමාත්‍යාංශ ලේකම් රෝහිත උඩුවාවල, සභාපති සමන්ත ගුණසේකර, සාමාන්‍යාධිකාරි ජගත් ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මියගේ සභාපතීත්වයෙන් යුතුව මෙහි ඉදිරි සභාවන් රැස්වෙන අතර 2023 වසරෙන් පසු පළමු වරට මේ වසරේ සභාව රැස්වුණා. සමුද්‍රීය පරිසරයේ ස්වාභාවික සම්පත් සංරක්ෂණය, සමුද්‍ර දූෂණය වැළැක්වීම සදහා වන අදාළ උපදේශනයන්, ලෝකයේ ප්‍රධාන නැව් මාර්ගයක පිහිටා ඇති ලංකාවට අයත් සාගර කලාපය හරහා සිදුවන මෙහෙයුම් කටයුතුවල තත්වයන් සහ එම මෙහෙයුම් මගින් ඇතිවන දූෂණයන්…

Read More

2026 අයවැය යටතේ, යෝජිත සියලු නිවාස ව්‍යාපෘති නිසි කාල සීමාව තුළ අවසන් කර ජනතාවට පවරා දෙන්නැයි ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා එලෙස උපදෙස් ලබාදී ඇත්තේ, අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක තමන්ගේම තැනක්- ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැළසුම් සහ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. අදාළ ව්‍යාපෘතිවල කටයුතු එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත. 2026 අයවැය ප්‍රතිපාදන යටතේ අඩුආදායම්ලාභී පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 10,200ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය සහ යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන…

Read More

බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ. යක්ෂ හා නාග ගෝත්‍රිකයින් අතර ඇතිවූ ආරවුලක් සංසිදවීම සදහා බුදුරජාණන් වහන්සේ පළමු වරට ලක්දිව වැඩම කළේ අද වැනි පොහොය දිනකය. සිරසා නමාමි පොහෝදින වැඩසටහන අද පැවැත්වෙන්නේ ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී ය. මේ අතර දුරුතු පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් , කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිට ශ්‍රී ශාක්‍ය මාලකය අභියස බුද්ධ පූජා පිංකමද අද දහවල් පැවැත්වේ.

Read More

2026 වසරේ පළමු කාර්තුව සඳහා වූ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබෙනවා. ඒ අනුව, රුපියල් මිලියන 13,094 ක ආදායම් හිඟයක් පවතින බැවින්, සමස්ත විදුලි ගාස්තුව 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බවයි විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත්තේ. එහිදී ස්ථාවර ගාස්තු මෙන්ම ඒකක ගාස්තු ද ඉහල දැමීමට යෝජනා වී තිබෙනවා. මේ අතර, විදුලිබල මණ්ඩලයේ මෙම යෝජනාවලිය පිළිබඳ අධ්‍යයනය කර, ඒ පිළිබඳව මහජන අදහස් විමසීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා. ඒ අනුව, ජනවාරි දෙවන සතිය වන විට මහජන අදහස් ලබාගැනීම ආරම්භ කෙරෙන බවත්, සති 06 ක කාලයක් තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන…

Read More

2026 පන්දුවාර 20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ SSC ක්‍රීඩාංගණයේ සියලු නවීකරණ කටයුතු ජනවාරි 20 වැනිදා වන විට අවසන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සූජිව ගොඩලියද්ද පවසනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් SSC ක්‍රීඩාංගණයේ අලුතින් අති නවීන LED විදුලි අලෝක පද්ධතියක් සවි කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි සඳහන් වෙන්නේ. ක්‍රීඩාංගණයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යපෘතියට අදාළව, ක්‍රීඩක විවේකාගාරය වැඩිදියුණු කිරීම, තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවරුන් වෙනුවෙන් නව කාමර ඉදිකිරීම ඇතුළු කටයුතු රැසක් මෙහිදී සිදු කෙරෙනවා. මෙම සමස්ථ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 1.7 ක මුදලක් වැය කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

Read More

ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පැවතීම හේතුවෙනි. කාලගුණ අණාවැකියේ දැක්වෙන්නේ,නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි. මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානලට…

Read More