සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද (22) පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 271 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිල් මිෂාර ලකුණු 27 ක්, පැතුම් නිස්සංක ලකුණු 21 ක්, ජනිත් ලියනගේ ලකුණු 46 ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 93 ක් සහ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 25 ලබාගත්තා.
Author: Editor
මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ Power Point Presentation එකකට පමණක් සීමා වී ඇති බවත්, ධවල පත්‍රිකාවක් හෝ කිසිවක් ඉදිරිපත් කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂය කිසිදු අවස්ථාවක අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නොවූ බවත්, විරුද්ධ වූයේ අසභ්‍ය වෙබ් අඩවි ඇතුළත් කිරීමට පමණක් බවයි අද (22) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක් වෙමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කළ මොහොතේදී රටේ අධ්‍යාපනය අවසන් බවට විපක්ෂය විසින් මතවාදයක් ගොඩ නැගීමට උත්සාහ කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඒ අනුව, විපක්ෂ නායකවරයා විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කළ බවත්, නිරන්තරයෙන් කෘතිම බුද්ධිය ගැන සාකච්ඡා කරන විපක්ෂ නායකවරයා තමා ප්‍රකාශ කරන දේ එයට යොමු කර බැලුවේ නම්, ඒවා අසත්‍ය බවට කෘතිම බුද්ධිය විසින්ම ප්‍රකාශ කරනු ඇති බවයි අද (22) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කළ්‍යාණ වංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වල නියෝගය මේ මස 30 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (22) ප්‍රකාශ කළේය. ඒ අදාල පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමෙන් අනතුරුවය.
T56 වර්ගයේ ගිනි අවියක් සහ පතරොම් 16ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට අධිකරණය මීටියාගොඩ පොලිසියට අවසර ලබාදී තිබේ. අදාළ සැකකරු ඊයේ (08) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 13 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ඇත. ඒ අනුව සැකකරු මීටියාගොඩ පොලිස් ස්ථානයේ රඳවා තබා ගනිමින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි. ඉකුත් 07 වනදා රාත්‍රී කාලයේ මීටියාගොඩ පොලිස් වසමේ හරන්නාගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ටී56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසිනයක්, ටී56 වර්ගයේ පතරොම් 16ක්, 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පතරොම් ගැබක් හා හෙරොයින්…
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ බවත්, එය මි.මී. 38ක අගයක් බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා අද (9) පෙරවරුවේ පැවසීය. එමෙන්ම අනෙකුත් බොහෝ ස්ථානවල වර්ෂාපතය මි.මි. 10ට අඩු මට්ටමක පැවති බවත්, ඒ හේතුවෙන් ගංගාවල ජල මට්ටම වැඩිවීමක් වාර්තා නොවන බව හෙතෙම සඳහන් කළේය. කෙසේ නමුත් ප්‍රධාන ජලාශ 73න් 28ක් මෙන්ම මධ්‍ය ප්‍රමාණයේ වැව් 22ක් තවවමත් වාන් දැමීම සිදුවන බව ඔහු පැවසීය. යාන්ඔය හා දැදරු ඔය ජලාශයන්හි ජලය නිදහස්කිරීම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කර ඇති වුවත්, කිසිදු ගංගා ද්‍රෝණියක අනතුරුදායක ලෙස ජලය නිදහස් කිරීමක් සිදු නොවන බවත් ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර…
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා දින ගණනාවක් පුරා ක්‍රියාත්මක විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබේ. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, අඛණ්ඩව 12 වන දිනටත් ක්‍රියාත්මක මෙම විරෝධතා මේ වනවිට ඉරානයේ පළාත් 31 පුරා නගර 100කට වැඩි ප්‍රමාණයක පැතිරී ඇති බවය. මෙලෙස ඉරාන ජනතාව ඔවුන්ගේ උත්තරීතර නායකයාට එරෙහිව නැගීසිට ඇත්තේ වසර ගණනාවකට පසුව බව සඳහන්. ඔවුන් දිවංගත හිටපු ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත්‍රයා වන රේසා පහ්ලවි නැවත බලයට රැගෙන ඒමේ අරමුණින් මෙම විරෝධතාවේ නියැලෙන බව වාර්තා වේ. ඊයේ (8) සවස ටෙහෙරාන් අගනුවර සහ ඉරානයේ දෙවන නගරය ලෙසින් සැලකෙන මෂාඩ්හි දැවැන්ත විරෝධතාවක් පවත්වා ඇති අතර,…
පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී තිබේ. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (9) පෙ.ව. 6 වනවිට මඩකලපුවේ සිට කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එය වයඹ දෙසට ගමන් කර සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. එහි බලපෑම හේතුවෙන් උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මෙම පියවර ගත් බව සඳහන්.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර