Browsing: කොළඹ

වසර 2030 වන විට වැට් බදු අනුපාතය තනි ඉලක්කමකට අඩු කිරීම රජයේ අපේක්ෂාව බව බලධාරීන් පවසයි. බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුකූලතාව ඉහළ නැංවීම හරහා මෙය සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාව යළිත් වරක් ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව විසින් වර්ගීකරණය කර තිබේ. කෙසේ වෙතත්, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව එම ආයතනය පෙන්වා දෙයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර කර්මාන්තය සහ ජලජීවී වගා ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා ලෝක බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක REVIVE ව්‍යාපෘතියේ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කෙරේ.

ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනේ ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්වූ අතර, එහි ප්‍රතිලාභ ජනතාවට සෘජුවම ලබාදීම රජයේ අවසාන අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමු කිරීමේ නව වැඩසටහනක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත තරුණ තරුණියන් සඳහා රැකියා සහ ව්‍යවසායකත්ව අවස්ථා වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් විශේෂ වටමේස සාකච්ඡාවක් පවත්වා තිබේ.

මත්පැන් බෝතල් සඳහා යොදාගන්නා ආරක්ෂිත ස්ටිකර් වෙනුවට ඩිජිටල් ක්‍රමය භාවිත කළද, ඒ සඳහා වැයවන මුදලේ අඩුවක් සිදුවී නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ Detailing හා Protection සේවා සපයන The Pink Auto Shop සමාගම, 2026 BWIO සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ආයතනය ලෙස සම්මාන දිනා ගත්තේය.

ලංකා සතොස, මිල්කෝ ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමක පවතින බව රජයේ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශනය පෙන්වා දෙයි.