Author: Editor

නීති විරෝධී මත්පැන් විෂ වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මිය යෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 47 ක් වන ගාලවත්ත, නැගෙනහිර බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුවන් 05 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ හලාවත රෝහලේදී සිදු කර ඇති අතර ඇල්කොහොල් විෂ වීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවට අනාවරණය වී ඇත. අනෙක් මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත රෝහලේදී අද (08) සිදු කිරීමට නියමිතය. මත්පැන් පානය කර රෝගාතුර වූ තවත් පුද්ගලයින් 08 දෙනෙකු මීගමුව හා පේරාදෙනිය යන රෝහල් වල ප්‍රතිකාර ලබයි. නීති විරෝධී මත්පැන් පානයෙන් පසුගිය 6 වනදා පුද්ගලයන් 06 දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව…

Read More

අමෙරිකාවේ මිනියාපෝලිස් ප්‍රදේශයේදි සිදුවු වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අමෙරිකානු ආගමන විගමන නිලධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ කාන්තාව පැමිණි මෝටර් රථය පරික්ෂා කිරීමට යාමේ දී ඇය විසින් එම රථය එකවර ධාවනය කිරීමත් සමග මෙම වෙඩි තැබීම සිදුව තිබේ. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 37 හැවිරිදි රේනි නිකෝල් ගුඩ් නමැති කාන්තාවක බව වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද (08) උදෑසන ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබේ. එම පද්ධතිය මේ වනවිට පොතුවිල්වලට කිලෝමීටර් 300ක් ගිනිකොණ දෙසින් පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ නැගෙනහිර වෙරළට ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය. එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩින් කඩ වැසි අපේක්ෂා කෙරේ. මේ අතර දිවයින හරහා පැ.කි.මී 50 – 60 අතර තද සුළං අපේක්ෂා කරන අතර, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම්…

Read More

අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව සහ යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එබැවින් ඒ ආශ්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව අවදානයෙන් සිටින්නැයි එම දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙනවා.

Read More

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින අතර, ඒ හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර, ඌව පළාතෙත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…

Read More

2026 වසර සඳහා අද (06) පළමුවරට පාර්ලිමේන්තුව රැස්වී තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා. අද දිනයේදී ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ වන නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතයි. ඊට අමතරව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පසුගිය දෙසැම්බර් 28 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශනයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමටද නියමිත බවයි සඳහන් වෙන්නේ. එසේම පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම…

Read More

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම ආදිය තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයයන් 2026 ජනවාරි මස 12 දින සිට 20 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2,362 ක දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර…

Read More

වෙනිසියුලා රාජ්‍යය තුළ මෑතකදී උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බවත්, එම සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රී ලංකා රජය පවසනවා. වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබෙනවා. බලය යෙදවීම තහනම් කිරීම, මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වැනි ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාව ද එමඟින් අවධාරණය කර තිබෙනවා. වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහ කලාපයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර, තත්ත්වය උත්සන්න වීම අවම කිරීම සහ සංවාදය…

Read More

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බවත්, තමන් වෙත එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය පිළිබඳ වන චෝදනා හතරටම තමා නිවැරදිකරු බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. මදුරෝට එරෙහි මීළඟ නඩු විභාගය මාර්තු 17 වන දිනට නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් ද පැවැත්වූ අතර, වෙනිසියුලානු තානාපති සැමුවෙල් මොන්කාඩා ප්‍රකාශ කළේ මෙය කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති “අනවසර සන්නද්ධ ප්‍රහාරයක්” බවයි. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපති Mike Waltz එම ප්‍රහාරය සාධාරණීකරණය කරමින්…

Read More