Author: Editor

ඔහුගේ නීතිඥ බැරී පොලැක් පැවසුවේ, මදුරෝව හමුදාමය වශයෙන් පැහැරගැනීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලු පවතින බවයි. ස්වෛරී රාජ්‍යයක නායකයෙකු ලෙස මදුරෝට නඩු පැවරීමෙන් ආරක්ෂාව ලැබීමට අයිතියක් ඇති බව පෙන්වා දීමට තමන් උත්සාහ කරන බව ඔහුගේ නීතිඥවරයා මෙහිදී පවසා තිබුණා. දැනට බෘක්ලින්හි MDC රැඳවුම් මධ්‍යස්ථානයේ ෆෙඩරල් රැඳවුම් භාරයේ සිටින මදුරෝ සහ ෆ්ලෝරස් දහවල් කාලයේදී විනිසුරු ඇල්වින් හෙලර්ස්ටයින් හමුවේ පෙනී සිටියා. අධිකරණ ශාලාවට ඇතුළු වන විට මදුරෝ එතැන සිටි අයට සුබ උදෑසනක් පවසමින් ආචාර කළ බව සඳහන්. මදුරෝ මාංචු දමා තැඹිලි පැහැති සිරකරු සෙරෙප්පු පැළඳ අධිකරණයට රැගෙන එන ලද අතර, ඔහු තම බිරිඳට අසුන් දෙකක් එපිටින් වාඩි වී තිබුණා. ඔවුන් දෙදෙනාම අධිකරණය මගින් සපයන…

Read More

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් නුවර ගුවන් තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දමා තිබේ. මොස්කව්හි පිහිටි ගුවන් තොටුපළවල් හතරෙන් තුනක් මෙලෙස තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. එහිදී මොස්කව්හි පිහිටි වුනුකෝවෝ ප්‍රධාන ගුවන් තොටුපළ ද වසා දමා ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ප්‍රහාරය සඳහා පැමිණි යුක්‍රේන ඩ්‍රෝන යානා 27ක් ද විනාශ කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබේ. ඒ මහතාට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

Read More

කොලොම්බියානු ජනාධිපතිවරයා “අසනීප පුද්ගලයෙකු” (Sick man) බවත්, ඔහු ඇමරිකාවට කොකේන් ප්‍රවාහනය කිරීමට සම්බන්ධ බව අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බව සඳහන්. මේ අනුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ (Gustavo Petro) අතර පවතින රාජ්‍යතාන්ත්‍රික ගැටුම උත්සන්න කරමින්, ට්‍රම්ප් විසින් පෙට්‍රෝව දැඩි විවේචනයට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කොලොම්බියාව තුළ පවතින මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය කිරීම සඳහා ඇමරිකානු හමුදා මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් බවත් ට්‍රම්ප් ඉඟි පලකර තිබෙන බවයි සඳහන්.

Read More

අමෙරිකානු හමුදා අත්අඩංගුවට පත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (05) නිව්යෝර්ක් හි මෑන්හැටන් ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා. මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු වේලාවෙන් අද රාත්‍රී 10.30ට මෑන්හැටන් ෆෙඩරල් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන්. ඔවුන් දෙපළට එරෙහිව “මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම” සහ ත්‍රස්තවාදී කුමන්ත්‍රණ ඇතුළු බරපතල චෝදනා රැසක් ගොනු කර තිබෙනවා.

Read More

වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (05) රැස්වීමට නියමිතයි. ඒ හදිසි රැස්වීමක් ලෙස බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම රැස්වීම පවත්වන බවයි සඳහන්. මෙම හමුව එරට වේලාවෙන් අද පෙරවරු 10ට පැවැත්වීමට නියමිත බවයි සඳහන්. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රටවල් 15ක තානාපතිවරුන් සම්බන්ධ වන බව විදෙස් වාර්තා කරනවා. කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ සහ වෙනිසියුලානු විදේශ අමාත්‍ය ඉවාන් ගිල් විසින් ඉකුත් (03) වැනිදා මෙසේ හදිසි රැස්වීමක් ඉල්ලා සිටියා.

Read More

2026 වසරට අදාලව රේගු දෙපාර්තමේන්තුව වෙත රුපියල් බිලියන 2,206ක ආදායම් ඉලක්කයක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මෙය 2025 වසරේ උපයාගත් සැබෑ ආදායමට වඩා අඩු අගයක් වීම විශේෂත්වයක් වන අතර, වාහන ආනයනය අඩුවීම මීට ප්‍රධාන හේතුවක්. වෙළඳපොළ තුළ වාහන පිරී පවතින බැවින් 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී වාහන ආනයනය අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඒ අනුව වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ යනු ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පවසන්නේ. 2025 දෙසැම්බර් 30 වන විට රේගුව රුපියල් බිලියන 2,540.3ක සම්පූර්ණ ආදායමක් එකතු කර ඇති අතර, එය මීට පෙර පැවති රුපියල් බිලියන 1,500ක පැවති ඉහළම ආදායම් වාර්තාව බිඳ හෙලීමක්. දිත්වා සුළි…

Read More

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් අද (05) වැනිදා ආරම්භ කෙරෙනවා. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. මෙම 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ඉකුත් මස (09) වැනිදා නිකුත් කළ චක්‍රලේඛය මත ක්‍රියාත්මකයි.

Read More

පසුගිය වසරේ දී පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් රුපියල් මිලියන 1042 ක ආදායමක් උපයා තිබෙනවා. මෙය 1975 වසරේ දී අලි සංරක්ෂණාගාරය ආරම්භ කිරීමෙන් පසු වාර්තාගත ආදායම ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ. පසුගිය වසරේ දී පින්නවල අලි ඇතුන් නැරඹීමට පැමිණි විදෙස් සංචාරකයන් එක්ලක්ෂ අනූතුන්දහස් හයසිය පනස්හයදෙනෙකු පැමිණ තිබෙනවා. එමෙන්ම දේශීය සංචාරකයන් හාරලක්ෂ තිස්අටදහස් තුන්සිය හැටහතරදෙනෙකු පැමිණ ඇති බව පින්නවල අලි සංරක්ෂණාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරන් මැදවල මහතා පවසනවා. ඒ අනුව 2025 වසරේ දී මෙම මධ්‍යස්ථානයෙන් රුපියල් මිලියන 1042කට අධික ආදායමක් ඉපැයීමට හැකිවුණා.

Read More

පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) ක් පමණ දක්වා ඉහළ යා හැක. ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන…

Read More